මේ මොන ලෝකයක්ද?

අද ආන්යා සිටින්නේ දුකින්ය, එයට ප්‍රධානම හේතුව නම් ආන්යාගේ කන්‍තෝරුවේ එමට ඇති රාජකාරි වැඩ මදිවට ආන්යා අන්තර් ජංජාලයේ ඇති නිව්ස් බලන්නට ගොස් හිත රිදවා ගැනීමය.

සිද්ධිය අහන්නකො මුලින්ම ඊට පස්සෙ බලමු ආන්යට පිස්සුද නැත්නම් අපි මේ ජීවත් වෙන්නෙ මොන ලෝකෙකද කියලා. ඇත්තටම කියනවා නන් ඉතින් මේක එක සිද්ධියක් නෙමෙයි, සිද්ධි කිහිපයක එකතුවක්.

වැඩි විස්තර නැතුව කෙටියෙන්ම කියුවොත් මෙන්න මේකයි සිද්ධිය. එකෝමත් එක රටක හිටපු වයස අවුරුදු 16ක් වෙච්ච හරිම ලස්සන ගැහැනු ළමයෙක්ව මරලා දාලා, ටිකක් පරණ නිව්ස් එකක් වුනත් ආනයා මේක දැක්කේ අද. ඒ ගැහැණු ළමයව මරලා දාලා තිබ්බේ නිකන් නෙමෙයි දරුණු විදියට ලිංගික අතවර කරලා. ඒ අහිංසක ලමයට කරලා තිබ්බ දේවල් දැක්කම ආන්යා සිහිසුන් වුනේ නැති එක විතරයි. ඒ දේවල් මෙතම කියන්නවත් ආන්යට හිත හදාගන්න බැහැ, ඒත් ඒ ගැහැණු ළමයව මිය ගිහින් තිබ්බේ ඇයට එම සිද්ධීන් නිසා ඇතිවූ කම්පනය දරාගන්න බැරුව හෘදය වස්තුව නතර වීමෙන්, ඒකෙන්ම හිතාගන්න ඒ ළමයා මොන තරම් නන් වේදනාවක් විදින්න ඇත්ද කියල.

මෙහි අ‍ටු කොන් සෙවීමෙන් දැන් පලක් නැති බව දන්නා නමුත් දැන් ලෝකයේ යථාර්තය මේකය. අප අලුත් යුගයකට අවතීර්න වී ඇති නමුත් අප කිසිම කෙනෙකුට වෙන අයෙකුගේ ජීවිතයේ වටිනාකමක් නොමැත. තමන්ගේ කාරිය ඉ‍ටුවුයේ නම් අනිකාට මොන මගුලක් වුවත් අපට කම් නැත. ආගම දහම බල්ලාට ගොස් ඇත කියාවත් කියන්නට නොහැක්කේ, බල්ලෙකුගේ වුවත් මිනිසුන්ට වඩා යහ ගුණ ඇති බැවිනි.

ආගම දහම කෙසේ වෙතත් මිනිසාගේ ආත්මාර්ථකාමී, අයහපත් ගතිගුණ එන්න එන්නම වැඩිවීමක් මිස අඩු වීමක් නම් නැත. වෙන කෙනෙකුට හරි යනවානම් එය අන් බොහෝ දෙනාහට ක‍ටු අනින්නාක් වැනිය. වෙනකක් තියා පාසල් සිසුවෙකු වුවත් මේ තත්වය එසේමය. උදාහරණයක් ලෙස කියනවානම් ආන්යාගේ මහ ලොකු හැඩක් නැත නමුත් දිනක් පිරිමි ළමුන්ගේ පාසලක් ඉවර වන වෙලාවක එතනින් පයින් යාමේ අභාග්‍ය සම්පන්න තත්වයට මුහුන දීමට ආන්යාට සිදුවිය. "හායි සෙක්සි, හායි බේබි, සුදූ, ඔයා හරි සෙක්සි" ආදී ලෙස ඔවුන් ආන්යාගේ ඇගට ආ අතර ආන්යාගේ පැණි මුට්ටිය පවා ආන්යාට නොපවසන වදන් වලින් ආන්යාට ඔවුන් සංග්‍රහ කරන ලදි. හපොයි දෙවියනේ හතුරෙකුටවත් මෙවැනි දෙයක් නොමවෙවා කියා එදින ආන්යා දඩිබිඩි ගා පාරේ යමින් තිබූ ‍ටුක් ‍ටුක් එකකට අත දමා එහි නැග යන්තම් පණ බේරාගෙන ගෙදර ගියාය. දැන් ලෝකය එසේය, කාන්තාවක් පාරේ යනවිට මෙවැනි වදන් ඉතා සුලභය. මේ ලෝකය මේ විදිහට ගිය හොත් කාන්තාවන් පමනක් නොව, පිරිමින් ඇතුලු සියලුම ජීවීන් අනතුරේය.

මොකද අප වටා ඇති පරිසරය ගැනවත් අපට හරවත් දැනුමක් නෑනේ...ඒ දවස් වල අර චීෆ් සියැටල් උතුමානන් කියාපු විදියට "ජීවිතය නැමැති මේ දැල මිනිසා විසින් වියන ලද්දක් නොවන අතර, මිනිසා යනු හුදෙක්ම එහි පොටක් පමනී, අප එම දැලට කුමක් හෝ කරනුයේද එය අපටම කරගන්නා දෙයකි...මන්ද යත් හැම දෙයම එකිනෙක හා බැදී පවතින බැවිනි"


Comments