Posts

මේ මොන ලෝකයක්ද?

Image
අද ආන්යා සිටින්නේ දුකින්ය, එයට ප්‍රධානම හේතුව නම් ආන්යාගේ කන්‍තෝරුවේ එමට ඇති රාජකාරි වැඩ මදිවට ආන්යා අන්තර් ජංජාලයේ ඇති නිව්ස් බලන්නට ගොස් හිත රිදවා ගැනීමය. සිද්ධිය අහන්නකො මුලින්ම ඊට පස්සෙ බලමු ආන්යට පිස්සුද නැත්නම් අපි මේ ජීවත් වෙන්නෙ මොන ලෝකෙකද කියලා. ඇත්තටම කියනවා නන් ඉතින් මේක එක සිද්ධියක් නෙමෙයි, සිද්ධි කිහිපයක එකතුවක්. වැඩි විස්තර නැතුව කෙටියෙන්ම කියුවොත් මෙන්න මේකයි සිද්ධිය. එකෝමත් එක රටක හිටපු වයස අවුරුදු 16ක් වෙච්ච හරිම ලස්සන ගැහැනු ළමයෙක්ව මරලා දාලා, ටිකක් පරණ නිව්ස් එකක් වුනත් ආනයා මේක දැක්කේ අද. ඒ ගැහැණු ළමයව මරලා දාලා තිබ්බේ නිකන් නෙමෙයි දරුණු විදියට ලිංගික අතවර කරලා. ඒ අහිංසක ලමයට කරලා තිබ්බ දේවල් දැක්කම ආන්යා සිහිසුන් වුනේ නැති එක විතරයි. ඒ දේවල් මෙතම කියන්නවත් ආන්යට හිත හදාගන්න බැහැ, ඒත් ඒ ගැහැණු ළමයව මිය ගිහින් තිබ්බේ ඇයට එම සිද්ධීන් නිසා ඇතිවූ කම්පනය දරාගන්න බැරුව හෘදය වස්තුව නතර වීමෙන්, ඒකෙන්ම හිතාගන්න ඒ ළමයා මොන තරම් නන් වේදනාවක් විදින්න ඇත්ද කියල. මෙහි අ‍ටු කොන් සෙවීමෙන් දැන් පලක් නැති බව දන්නා නමුත් දැන් ලෝකයේ යථාර්තය මේකය. අප අලුත් යුගයකට අවතීර්න ව